How to behave in an airport විදෙස් ගත වන ඔබට

Things to know when you are in airport

How to behave in an airport is an article explains(in Sinhala ) the basic procedures you need to follow in an airport.

ප්‍රථම වරට විදෙස් ගත වන ඔබට ගුවන් තොටුපලකදි කටයුතු කල යුතු අකාරය තරමක අලුත් අත්දෑකීමක් වෙන්නත් පුලුවන්. විශේශයෙන්ම  සරල සිංහල භාෂාවෙන් මෙම සටහන තබන්නේ මැද පෙරදිග හෝ කොරියාව වෑනි රටක රෑකියා සඳහා පිටත් වන අයට සහ අධ්යාපන කටයුතු සඳහා විදෙස් ගත වන නංගිලා මල්ලිලාටයි.

බස් නැවතුම්පොලක, දුම් රිය ස්ථානයක වගේම ගුවන් තොටුපොලකත් සරල ක්‍රියා පටිපාටියක්  (procedure) තියනවා. එය දැනගෙන කටයුතු කිරීමෙන් ඔබ අතින් සිදුවන ප්‍රමාද දෝශයන් සහ අපහසුතාවන් මගහරවා ගන්න පුලුවන්.

පෙර සූදානම ඉතා වැදගත්…..

 

නිතරම ගුවන් ගමන් වල නිරත වන අය පවා check- list එකක් අනුව තමන්ගෙ බඩුබාහිරාදිය සකස්  කරගන්නවා. පලමු වරට ගුවන්ගත වන ඔබට මෙවැනි  check- list එකක් සාදා ගනීම එතා වැදගත්. මොනවා අමතක උනත් ඔබට ඔබගෙ ගුවන් ට්කට් පත හෝ  boarding pass පත සහ විදෙස් ගමන් බලපත්‍රය(passport) අමතක උනොත් නම් ගිහින් හමාරයි.

අත්‍යාවශ්‍ය ලිපි ලෙඛන…..

 

ඔබ හොදින්ම දන්නවා ඇති වෙනත් රටකට ඇතුළු වීම වීසාවක් (Visa) හෝ entry clearance එකක් අවශ්‍යයි. මෙම විසාව සටහන් වන්නේ ඔබගේ පාස්පෝට් එකේ පිටුවකයි. එම නිසා passport එක අනිවාර්‍යයි.

දැන් අපි බලමු මෙ ගුවන් ටිකට් පත සහ boarding pass පත අතර වෙනස. සාමාන්‍ය ක්‍රමය අනුව නම් ඔබ ගුවන් ටිකට්පත සහ ගමන් බලපත්‍රය තිබේ නම් ගුවන් තොටුපොල තුලදි boarding pass එක ලබාගන්න පුළුවන්. නමුත් ඔබට ගුවන් තොටුපොලට යන්න කලින්ම boarding pass එක ලබා ගන්නත් පුලුවන්. Boarding pass එක ලබා ගැනීමේ ක්‍රියාවලියට තමයි check-in  වෙනවා කියන්නෙ. බොහොමයක් ගුවන් යනා සමාගම් වල වෙබ් අඩවි තුලින් දැන්  මෙම online check-in සේවාව ලබා දෙනවා. මෙමගින් ගුවන් තොටුපොලේ තදබදය ගොඩක් අඩු කරගන්න පුළුවන් නිසා සමහ රටවල් වල සමහර ගුවන් තොටුපොලවල් වල online check-in විම අනිවර්යයි. check-in විමෙන් පසු ඔබට ලැබෙන document එක තමයි boarding pass එක. එහි ඔබ ගමන් කරන ගුවන් යනයේ ඔබ වෙනුවෙන් වෙන් කර තිබෙන ආසනය සටහන් වෙනවා. ඔබ online check-in වීමේදි බොහෝ විට ඔබට කැමති අසුනක් වෙන් කරගැනීමේ හැකියාවත් තිබෙනවා. ගුවන් යානයක සුදුසු අසුනක් වෙන්කර ගැනීම පිළිබදව අපි මීළඟ ලිපියෙන් බලමු. මීට අමතරව ඔබට කැමති අහාර වේලක් normal, vegetarian, halal, ආදී වශයෙන් වෙන් කර ගැනීමේ පහසුකමත් සමහර ගුවන් සමාගම් සපයනවා.

සමහර අවස්ථා වල ගුවන් තොටුපොල තුල ඇති check-in කවුන්ටරයේ දිගු පෝලිමක් තිබිය හැකි නිසා online check-in විම තුලින් ඔබට වැඩි කාලයක් ඉතිරි කර ගන්න පුලුවන්. මෙම කාලය ඔබට duty free zone හි භාන්ඩ මිලදී ගැනීමටත්, ඇවිදින්නටත් ඔබගේ හිත මිතුරන් සමග වැඩි කාලයක් ගත කරන්නටත් යොදාගන්න  පුලුවන්.

කෙසේ වෙතත් ඔබගේ ප්‍රථම ගුවන් ගමනේදී, ගුවන් යනය පිට වීමට  පැය 3ක් වත් කලින්, ගුවන් තොටුපොලට යාම ඉතා වැදගත්.

කටුනායක ගුවන් තොටුපොලේ නම් මුලින්ම හමු වන්නේ පිටත්වීම් (Departure) සදහා ඇති ප්‍රදේශයඉ. ගුවන් තොටුපොල පිටත ආලින්දයේදි ඔබට ඔබගෙ ගමන් මලු තබාගැනීමට ට්‍රොලියක් ලබාගත හැකියි. මේ සදහා ඔබ කිසිදු ගෙවිමක් කල යුතු නැහැ. ඔබ ගුවන් තොටුපොලට ඇතුලු විය යුත්තේ මෙම departure entrance එකෙන්. මේ දොරින් ඇතුලු විමට නම් විදෙස්ගත වන තැනැත්තාට ටිකට් පතක් අවශ්‍ය නැහැ. ඔහු සමග පැමිණෙන අමුත්තන්ට නම් ඇතුලු වීමට ටිකට් පතක් අවශ්‍යයි.

මේ දොරින් අතුළුවන විටම ඔබට ගුවන් තොටුපොල අරක්ෂක නිලධාරියෙක් හමු වෙවි. ඔහුට ඔබගෙ passport සහ ticket/boarding pass පත පරික්ෂා කරනු ඇති. මේ අවස්ථාවෙ දීත් ගමන්මළු එලියට අදිමින් පාස්පොර්ට් සොයන අයත් අප දැක තිබෙනවා. එමනිසා ගුවන් තොටුපොලට ඇතුළු වීමට පෙර ඔබගේ පස්ස්පොර්ට් එක සහ ticket අත තබා ගැනිම නුවණට හුරුයි..

මීලඟට ඔබට හමු වන්නේ අරක්ෂක අංශයයි. එහිදි ඔබගේ ගමන් මලු ස්කෑන් වීමකට ලක්වේවි (screening and scanning). දැන් ඔබ පිටත්වීමේ පර්යන්තයට යාමට සූදානම්…..!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *