Kana Kara Sarasu Mala Arungal

කන කර සැරසූ මාල අරුන්ගල් හන්දියෙ කඩයට උකස් වෙලා
දහස් වරක් සේදු සුදු ගවුමේ හැඩ රැලි දැන් හොදටම මැකිලා
ඒත් අනේ නැහැ නංගියෙ ඔබගේ වත මල මැලවීලා
නොහඬන් කඳුළු සලා නොහඬන් කඳුළු සලා

පුන්චි හිතින් නිති දකින සිහින වැල් හැමදාමත් ඇත සිහින වෙලා
සෙල්ලම වෙත නිති පෙමින් ඇදෙන හිත මඟ වලකයි නුඹෙ අහිමි දෙපා
ඒත් අනේ නැහැ නංගියෙ ඔබගේ සෙනෙහස තනි වීලා
නොහඬන් කඳුළු සලා නොහඬන් කඳුළු සලා

ගැරහුම් ඔච්චම් මිස අද ඔබ වට නැත ගරු පූජා රන් මාලා
පිණැති ආත්මය අපට නොලැබි පව ඔහේ ගෙවා ගමු එකතු වෙලා
ඒත් අනේ නැහැ නංගියෙ ඔබනම් කිසිදින පැරදීලා
දිරිගන් කඳුළු මකා දිරිගන් කඳුළු මකා

Artist: Shalitha Abeywikrama
Click here to download the song

Leave a Reply

Your email address will not be published. Required fields are marked *